Profile Photo

Nu Prayer Room

City - Negombo   Hits - 4361

About Us

ද්විතීය නීති සංග්‍රහය 24:14‭-‬15 NRSV

“ඔබේ සහෝදර ජනතාවගෙන් හෝ ඔබේ දේශයේ නගරවල විදේශීන්ගෙන් හෝ දිළිඳු, අසරණ කුලීකරුවෙකුට පීඩා නොකළ යුතු ය. ඉර බැස යාමට පෙර ඔහුගේ දවසේ කුලිය ඔහුට ගෙවිය යුතු ය. ඔහු දිළිඳු නිසා, ඔහු ඒ කුලිය බලාපොරොත්තුවෙන් සිටියි. එසේ නොගෙව්වහොත් ඔහු සමිඳාණන් වහන්සේට මොරගසනු ඇත, එය ඔබට පාපයක් වන්නේ ය. ද්විතීය නීති සංග්‍රහය 24:14‭-‬15 NRSV

   More...

ද්විතීය නීති සංග්‍රහය 14:28‭-‬29

“සෑම තුන් අවුරුද්දක් අවසානයේ දී ඔබ ඒ තෙ වන අවුරුද්දේ ලැබූ අස්වැන්නෙන් දසයෙන් කොටස ගෙනැවිත් වාසල් දොරටු ඇතුළත තැබිය යුතු ය. එවිට වාසල් දොරටු ඇතුළත සිටින ඔබට මෙන් රටින් කොටසක් හෝ උරුමයක් හෝ නැති ලෙවීවරුන් ද ආගන්තුකයන් ද අනාථ වූවන් ද වැන්දඹුවන් ද විත් ඒවා අනුභව කොට තෘප්තිමත් වනු ඇත. මෙසේ කළොත්, ඔබේ සියලු වැඩ කටයුතුවල දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.” ද්විතීය නීති සංග්‍රහය 14:28‭-‬29 NRSV

   More...

දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කරන නිසා

දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කරන නිසා ඔබ බොහෝ ජාතීන්ට මුදල් ණයට දෙන්නහු ය. එහෙත්, ඔබ නම් මුදල් ණයට ඉල්ලා නොගත යුතු ය. ඔබ බොහෝ ජාතීන් පාලනය කරන්නහු ය. එහෙත්, ඔව්හු ඔබ පාලනය නොකරන්නෝ ය. ද්විතීය නීති සංග්‍රහය 15:6 NRSV

   More...

යම් පුරුෂයෙකු සමිඳාණන් වහන්සේට බාරයක් වුවහොත් - ගණන් කථාව 30:2‭-‬8‭, ‬16 NRSV

‘යම් පුරුෂයෙකු සමිඳාණන් වහන්සේට බාරයක් වුවහොත්, නැත්නම්, යම් කිසි දෙයකින් වැළකෙන හැටියට දිවුරුමක් දුන්නොත්, ඔහු තම වචනය කඩ නොකළ යුතු ය. තමා කී පරිදි සියල්ල ඉටු කළ යුතු ය. ‘යම් කිසි තරුණ කාන්තාවක ඇගේ පියාගේ ගෘහයේ සිටිය දී, සමිඳාණන් වහන්සේට බාරයක් වී දිවුරුම් දුන් පසු, ‘ඇගේ පියා, ඈ කළ බාරය සහ ඈ යමකින් වැළකීමට ගත් පොරොන්දුව ගැන අසා ඔහු නිහඬ වුවහොත්, ඈ එම බාර ද යමකින් වැළකීමට ගත් පොරොන්දු ද සියල්ල ඉටු කළ යුතු ය. එහෙත්, ඇගේ පියා ඒවා ගැන දැනගත් පසු, යම් දිනක ඒවා ඈට තහනම් කළොත්, ඈ කළ බාර හා යමකින් වැළකීමට ඈ දුන් පොරොන්දු කිසිත් ඉටු කිරීමට ඈ බැඳී නැත. ඇගේ පියා ඒවා ඈට තහනම් කළ බැවින් සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක. ‘තවද ඈ බාර වී හෝ යමකින් වැළකීමට පොරොන්දු දුන් පසු හෝ විවාහ වී ඇගේ සැමියා ඒවා ගැන ඇසූ දිනක නිහඬ වන්නේ නම් ඈ කළ බාර හා දුන් පොරොන්දු සියල්ල ඉටු කළ යුතු ය. එහෙත්, ඇගේ සැමියා එය අසා යම් ද

   More...

ගණන් කථාව 25:1‭-‬3 NRSV

ඉශ්රායෙල්වරු ෂිට්ටිම් නම් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ. ඔව්හු, මෝවබ් කාන්තාවන් සමඟ අනාචාරයේ හැසිරෙන්නට පටන්ගත්හ. මේ ස්ත්‍රීන් තමන්ගේ දෙවි දේවතාවන්ට පිදූ පුදපූජා සඳහා සෙනඟට ආරාධනය කළ විට, ඔව්හු ගොස් ඒ පිදේනි වළඳා, ඒ දෙවි දේවතාවන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය. මෙසේ ඉශ්රායෙල්වරුන් පෙයෝර්හි බාල් නම් දෙවියාට කැප වූ බැවින්, ඔවුන්ට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිළිණි. ගණන් කථාව 25:1‭-‬3 NRSV

   More...

ගණන් කථාව 24:15‭-‬25 NRSV

ඉන්පසු බාලාම් මේ අන්තිම අනාවැකිය කී ය. “බෙයෝර්ගේ පුත්, බාලාම්ගේ පණිවුඩය මේ ය, ඇස් පැහැදුණු මිනිසාගේ කියමන මේ ය. දෙවි වදනට සවන් දුන්, මෙහෙසුරු පිළිබඳ දැනගැන්ම ඇති, සව් බලැති සමිඳුන්ගේ දර්ශනය දිටි, ධ්‍යාන සුවයට සම වැදුණු, නෙත් පැහැදී ඇති ඔහුගේ කියමන, මේ ය. මම එතුමන් දකිමි, එහෙත් දැන් නොවේ; මට එතුමන් පෙනේ, එහෙත් ළඟපාත නොවේ; ජාකොබ්ගේ පෙළපතින් තරුවක් පායනු ඇත; ඉශ්රායෙල් වංශයෙන් ජයකොන්තයක් මතු වනු ඇත. එතුමන් මෝවබ් නායකයන්ට පහර දී, ඔද වැඩි, සැහැසියන් වනසනු ඇත. ඒදොම් පරාජිත රටක් වේ; සේයිර් ද පරාජිත රටක් වේ; ඉශ්රායෙල් රට ජයග්‍රාහී වනු ඇත. ඉශ්රායෙල් ජනයා සතුරන් පරදා නගරයේ ඉතුරු වන්නන් වනසාලන්නේ ය.” එවිට බාලාම්, අමලෙක් දෙස බලා මේ අනාවැකිය පැවසී ය: “ජාතීන් අතර ප්‍රබල ජාතිය අමලෙක් ය; එහෙත් ඔහුගේ අන්තිමය විනාශය වේ.” ඔහු කේනිවරුන් දෙස බලා, මේ අනාවැකිය පැවසී ය. “ඔබේ වාසභවනය ශක්තිමත් ය; ඔබේ කැදැල්ල පර්වතය

   More...

ගණන් කථාව 23:16‭, ‬18‭-‬23 NRSV

සමිඳාණන් වහන්සේ බාලාම්ට මුණ ගැසී, ඔහුට කතා කොට, “නුඹ බාලාක් වෙත නැවත ගොස් මෙසේ කියන්නැ”යි වදාළ සේක. එවිට බාලාම් මේ දිවැස් වැකිය පැවසී ය: “බාලාක්, අවදි ව ඇහුම්කන් දෙන්න; ශිප්පෝර්ගේ පුත්‍රය, මට සවන් දෙන්න; දෙවිඳාණෝ බොරු කියන මිනිසෙක් නොවෙති; පසුබට වන මිනිස් පුතෙක් ද නොවෙති; එතුමාණෝ, තමන් කී දේ ඉටු නොකරන සේක් ද? පොරොන්දු වූ දේ, නොදෙන සේක් ද? බලන්න, මට පැවරුයේ ආසිරි පැතුමකි. උන් වහන්සේ පැතූ ආසිරි මට ආපසු නොගත හැකි ය. ජාකොබ් පෙළපතෙහි නපුරක් එතුමන්ට නොපෙනේ. ඉශ්රායෙල් පරපුරෙහි දූෂ්‍යකමක් එතුමාණෝ නුදුටු සේක. දෙවි සමිඳාණෝ ඔවුන් සමඟ ය. එතුමාණන් සිය රජු බව ඔව්හු පවසති. දෙවිඳාණෝ ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ගෙනා සේක. කුළු හරකාට උගේ අං යම් සේ ද දෙවිඳුන් ඔවුන්ට එසේ ම වනු ඇත. ජාකොබ්ට එරෙහි ව අනවින නැත. ඉශ්රායෙල්ට එරෙහි ව පේන කීමක් ද නැත. ජාකොබ් පෙළපත, ඉශ්රායෙල් පරපුර අමතා, ‘දෙවිඳුන් කෙළේ කුමක් ද’ කියා අසනු ඇ

   More...

ගණන් කථාව 26:63‭-‬65 NRSV

මෙසේ ජොර්දාන් ගඟබඩ ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතෙහි මෝසෙස් සහ පූජක එලෙයාසර් විසින් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන ලදහ. එහෙත්, සීනයි පාළුකරයේ දී මෝසෙස් සහ පූජක ආරොන් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන විට සිටි අයගෙන් එක් කෙනෙක් වත්, මෙහි නොසිටියේ ය. ඔවුන් පාළුකරයේ ම මියයන බව සමිඳාණන් වහන්සේ කියා තිබිණි. මෙලෙස ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද, නූන්ගේ පුත් ජෝෂුවා ද හැර ඔවුන්ගෙන් කිසිවෙක් ඔවුන් අතර ඉතුරු නො වූ හ. ගණන් කථාව 26:63‭-‬65 NRSV

   More...

ගණන් කථාව 21:5‭-‬9 NRSV සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධ ව කතා කරමින්

සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධ ව කතා කරමින්, “මේ පාළුකරයේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අපට කන්නත් නැත, බොන්නත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැ”යි පැවසූ හ. එවිට සමිඳාණන් වහන්සේ සෙනඟ මැදට විසකුරු සර්පයන් එවූ විට, ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඉශ්රායෙල් සෙනඟ අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ. එබැවින් සෙනඟ මෝසෙස් වෙත පැමිණ, “අපි සමිඳාණන් වහන්සේටත්, ඔබටත් විරුද්ධ ව කතා කිරීමෙන් පව් කෙළෙමු. මේ සර්පයන් අප මැදින් ඉවත් කරන ලෙස උන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ද සෙනඟ උදෙසා යාච්ඤා කෙළේ ය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ලෝකඩ සර්පයෙකු සාදා රිටක් පිට තබන්න. දෂ්ට කරනු ලැබූ යමෙක් ඇද්ද, ඔහු එය දෙස බැලුවහොත්, සුව වනු ඇතැ”යි වදාළ සේක. එවිට මෝසෙස් ලෝකඩ සර්පයෙකු සාදා ඌ රිටක් පිට තැබී ය. සර්පයෙක් යමෙකු දෂ්ට කෙළේ ද ඒ තැනැත්තා ලෝකඩ සර්පයා දෙස බැලූ විට ඔහු ස

   More...

ගණන් කථාව 20:2‭-‬3‭, ‬6‭, ‬8‭, ‬12 NRSV

ජනතාවට එහි ජලය නොතිබුණු බැවින් ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වී මෝසෙස්ට අභියෝග කරමින්, “සමිඳාණන් වහන්සේ ඉදිරිපිට අපේ සොහොයුරන් නැසුණු විට අපිත් නැසුණෙමු නම් කෙතරම් හොඳ ද? එවිට මෝසෙස් සහ ආරොන් සෙනඟගෙන් ඉවත් ව, සම්මුඛ මණ්ඩපයේ දොරකඩට ගොස් මුණින්තලා වැටුණාහ. සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ඔවුන්ට දර්ශනය විය. “නුඹේ සැරයටිය ගෙන නුඹත්, නුඹේ සොහොයුරු ආරොනුත් ජනතාවත් එකට රැස් කරන්න. එසේ රැස් කොට, ඔවුන්ට පෙනෙන අර පර්වතයට අණ කරන්න. ඉන් වතුර ගලා යනු ඇත. නුඹ පර්වතයෙන් ගලා යන ඒ වතුර ඔවුන්ට දිය යුතු ය. මෙසේ සෙනඟටත්, ඔවුන්ගේ සතුන්ටත් බොන්නට වතුර ලැබෙනු ඇතැ”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි මගේ ශුද්ධ බල මහිමය පිළිගන්නා තරමට නුඹලා මා කෙරෙහි විශ්වාසය නොතැබූ බැවින්, මා මේ සෙනඟට දීමට පොරොන්දු වූ දේශයට නුඹලා ඔවුන් ගෙන නොයන්නහු ය”යි වදාළ සේක. ගණන් කථාව 2

   More...

යමෙකු කූඩාරමක මළොත්, එවිට වලංගු නීතිය මේ ය

යමෙකු කූඩාරමක මළොත්, එවිට වලංගු නීතිය මේ ය: කූඩාරමට ඇතුළු වන සියල්ලන් හා එහි සිටින සියල්ලෝ හත් දිනකට අපවිත්‍ර ය. වැස්මක් නැති ව, ඇර තිබූ භාජන සියල්ල අපවිත්‍ර ය. එලෙස ම යමෙකු එළිමහනේ කඩුවකින් මරාදැමූ කෙනෙකු හෝ මෘත ශරීරයක් හෝ මිනිසෙකුගේ ඇටකටුවක් හෝ සොහොනක් හෝ ස්පර්ශ කළොත් ඔහු දින හතකට අපවිත්‍ර ය. ගණන් කථාව 19:14‭-‬16 NRSV

   More...

ගණන් කථාව 16:2‭, ‬15‭, ‬32‭-‬35‭, ‬46‭, ‬49 NRSV ඔවුන් සමඟ ඉශ්රායෙල් ජනයා අතර සභාව කැඳවන, ජනප්‍රිය, කීර්තිමත් දෙසිය පණස්දෙනෙක් ද මෝසෙස්ට විරුද්ධ ව කැරලි ගැසූ හ.

ඔවුන් සමඟ ඉශ්රායෙල් ජනයා අතර සභාව කැඳවන, ජනප්‍රිය, කීර්තිමත් දෙසිය පණස්දෙනෙක් ද මෝසෙස්ට විරුද්ධ ව කැරලි ගැසූ හ. මෝසෙස් ද එවිට තදින් රොස් වී සමිඳාණන් වහන්සේ අමතමින්, “ඔබ ඔවුන්ගේ පඬුරු නොපිළිගනු මැනවි. මම නම්, ඔවුන්ගෙන් කිසිවෙකුට නපුරක් නොකෙළෙමි. ඔවුන්ගේ කොටළුවෙකු වත් නොගතිමි”යි කී ය. භූමිය කට අයා ගත්තේ ය. ඔවුනුත්, නිවාසත්, කෝරාගේ සියලු පිරිසත්, සකල සම්පතත් භූමිය ගිලදැමී ය. ඔව්හුත්, ඔවුන් සතු සියලු දෙනත් පණපිටින් ම පාතාලයට කිඳා ගියෝ ය. මිහිතලය ඔවුන් වසාගත්තා ය. සෙනඟ අතරෙන් ඔව්හු වැනසී ගියහ, ඔවුන්ගේ මොරගැසීම ඇසූ, අවට සිටි ඉශ්රායෙල් ජනයා, “මෙහි සිටියොත් පොළොව අප ද ගිලගන්නට පුළුවනැ”යි කියමින් එතැනින් පැන ගියහ. ඉන්පසු සමිඳාණන් වහන්සේ එවූ ගින්නක් සුවඳ දුම් පිදූ මිනිසුන් දෙසිය පණස්දෙන දවාදැමී ය. මෝසෙස් ආරොන්ට කතා කොට, “ඔබේ ධූම පාත්‍රය ගෙන, පූජාසනයේ ගින්දර රැගෙන එහි බහා, සුවඳ ද්‍රව්‍ය දමා, කඩිනමින

   More...

ගණන් කථාව 15:16‭-‬21 NRSV නුඹලාටත්, නුඹලා සමඟ කලකට වසන විදේශිකයන්ටත් එක ම නීතියක් සහ එක ම නියෝගයක් වලංගු වනු ඇත

නුඹලාටත්, නුඹලා සමඟ කලකට වසන විදේශිකයන්ටත් එක ම නීතියක් සහ එක ම නියෝගයක් වලංගු වනු ඇත.’ “ යළි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න: ‘මා නුඹලා ව ගෙනෙන රටට නුඹලා පැමිණි පසු ඒ රටේ නිපද වූ ආහාර අනුභව කරන විට, ඉන් කොටසක් විශේෂ පඬුරු පිණිස සමිඳාණන් වහන්සේ වන මා සඳහා වෙන් කළ යුතු ය. අස්වැන්න නෙළන විට සමිඳාණන් වහන්සේට විශේෂ පඬුරක් ඔප්පු කරන ලෙස, පළමු ධාන්‍යවලින් සෑදූ රොටියක් ද ඔප්පු කළ යුතු ය. මෙලෙස පළමු ධාන්‍යවලින් සෑදූ රොටියක්, නුඹලාගේ සෑම පරම්පරාවක් ම සමිඳාණන් වහන්සේට විශේෂ පඬුරක් කොට පිදිය යුතු ය. ගණන් කථාව 15:16‭-‬21 NRSV

   More...

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ලෙවීවරුන්ට කතා කොට මෙය කියන්න

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ලෙවීවරුන්ට කතා කොට මෙය කියන්න: ‘නුඹලාට උරුම කොට දුන් දසයෙන් කොටස නුඹලා ඉශ්රායෙල් ජනයාගෙන් ගන්න විට, එයිනුත් දසයෙන් කොටසක් විශේෂ පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. කමතේ ධාන්‍ය ප්‍රමාණයට නැතහොත් මිදි පැසේ මිදිපැන්වල ප්‍රමාණයට නුඹේ විශේෂ පඬුරු ද තක්සේරු කළ යුතු ය. නුඹලා මෙලෙස ඉශ්රායෙල් ජනයා අතින් ගන්න දසයෙන් කොටසින් විශේෂ පඬුරක් සමිඳාණන් වහන්සේට පූජා කළ යුතු ය. තවද, උන් වහන්සේගේ ඒ කොටස පූජක ආරොන්ට දිය යුතු ය. නුඹලා සමිඳාණන් වහන්සේට පූජා කරන විශේෂ පඬුරු සියල්ලෙන් ඉස්තරම් කොටස උන් වහන්සේට කැප කොට පිදිය යුතු ය.’ තවද, නුඹ ලෙවීවරුන්ට මෙසේ කිව යුතු ය: ‘නුඹලා පඬුරුවලින් ඉස්තරම් කොටස සමිඳාණන් වහන්සේට පූජා කළ පසු, ඉන් ඉතිරි කොටස, කමතේ ඉතිරි ධාන්‍ය මෙන් ද, මිදිපැසේ ඉතිරි මිදිපැන් මෙන් ද නුඹලාට අයිති වනු ඇත. නුඹලාටත්, නුඹලාගේ ගෘහ වාසීන්ටත් එය කැ

   More...

ගණන් කථාව 17:2‭, ‬5‭, ‬8‭, ‬10‭-‬11 NRSV ඉශ්රායෙල් ජනයා අමතා ඔවුන්ගේ පිය පෙළපත් අනුව, ගෝත්‍රවල මූලිකයන් එක් එක්කෙනාගෙන් එක බැගින්

“ඉශ්රායෙල් ජනයා අමතා ඔවුන්ගේ පිය පෙළපත් අනුව, ගෝත්‍රවල මූලිකයන් එක් එක්කෙනාගෙන් එක බැගින්, සැරයටි දොළසක් ඔවුන්ගෙන් ගෙන නුඹ ඒවායේ එක් එක්කෙනාගේ නම් සටහන් කරන්න. මම යමෙකු තෝරාගන්නෙම් ද ඔහුගේ සැරයටියෙහි දලු ලියලන්නේ ය. නුඹට විරුද්ධ ව මැසිවිලි දොඩවන ඉශ්රායෙල් ජනයාගේ මැසිවිලි මා වෙත පැමිණීම මම මෙයින් නවතාලන්නෙමි”යි වදාළ සේක. පසු දින මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ විට පුදුමයකි, ලෙවීගේ ගෝත්‍රය වෙනුවෙන් තිබූ ආරොන්ගේ සැරයටිය ලියලා තිබිණි. එහි මොට්ටු හටගෙන මල් පිපී, ඉදුණු කොට්ටම්බා ඇති විය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “කැරලිකාරයන් මට විරුද්ධ ව මැසිවිලි දෙඩීම නවත්වන්නේ නැත් නම්, ඔවුන් නසින බවට සලකුණක් වශයෙන් ආරොන්ගේ සැරයටිය සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියට යළි ගෙනෙන්නැ”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු ඉටු කෙළේ ය. ගණන් කථාව 17:2‭, ‬5‭, ‬8‭, ‬10‭-‬11 NRSV

   More...

Latest Products

Start your Shopping with dinuro - One Global City

Dinuro City

dinuro One Global city is the ultimate business solution to go global with your products and services.

Sales & Marketing

Nothing can limit you. Your business will be opened to the global purchasing community via our highly sought after “dinuro One Global City” and be privileged to receive multiples of continues sales at no cost, specially no marketing cost.

Productivity

Are you new to global marketing, or are you fed up with technology, there is nothing to stay worried, now the “dinuro” team undertakes full gamut of web based marketing and business promotion services including web development services and our customer friendly staff will keep in touch with you for better services.

Total Views 205193