ගණන් කථාව 16:2, 15, 32-35, 46, 49 NRSV ඔවුන් සමඟ ඉශ්රායෙල් ජනයා අතර සභාව කැඳවන, ජනප්‍රිය, කීර්තිමත් දෙසිය පණස්දෙනෙක් ද මෝසෙස්ට විරුද්ධ ව කැරලි ගැසූ හ.
ඔවුන් සමඟ ඉශ්රායෙල් ජනයා අතර සභාව කැඳවන, ජනප්‍රිය, කීර්තිමත් දෙසිය පණස්දෙනෙක් ද මෝසෙස්ට විරුද්ධ ව කැරලි ගැසූ හ. මෝසෙස් ද එවිට තදින් රොස් වී සමිඳාණන් වහන්සේ අමතමින්, “ඔබ ඔවුන්ගේ පඬුරු නොපිළිගනු මැනවි. මම නම්, ඔවුන්ගෙන් කිසිවෙකුට නපුරක් නොකෙළෙමි. ඔවුන්ගේ කොටළුවෙකු වත් නොගතිමි”යි කී ය. භූමිය කට අයා ගත්තේ ය. ඔවුනුත්, නිවාසත්, කෝරාගේ සියලු පිරිසත්, සකල සම්පතත් භූමිය ගිලදැමී ය. ඔව්හුත්, ඔවුන් සතු සියලු දෙනත් පණපිටින් ම පාතාලයට කිඳා ගියෝ ය. මිහිතලය ඔවුන් වසාගත්තා ය. සෙනඟ අතරෙන් ඔව්හු වැනසී ගියහ, ඔවුන්ගේ මොරගැසීම ඇසූ, අවට සිටි ඉශ්රායෙල් ජනයා, “මෙහි සිටියොත් පොළොව අප ද ගිලගන්නට පුළුවනැ”යි කියමින් එතැනින් පැන ගියහ. ඉන්පසු සමිඳාණන් වහන්සේ එවූ ගින්නක් සුවඳ දුම් පිදූ මිනිසුන් දෙසිය පණස්දෙන දවාදැමී ය. මෝසෙස් ආරොන්ට කතා කොට, “ඔබේ ධූම පාත්‍රය ගෙන, පූජාසනයේ ගින්දර රැගෙන එහි බහා, සුවඳ ද්‍රව්‍ය දමා, කඩිනමින
More...